Sunday, February 21, 2010

මේ මොකක්ද මේ ?

මේක අදුරනවද ?


මේ තමයි ඔයාගෙ ජිවිතේ සාර්තකත්වය මනින එක සාධකයක්


මේ බ්ලොග් එකත් අර කියමනට "තවත් එක් සත්‍ය කතාවක්" කියන්න වගේ තවත් එක් බ්ලොග් එකක්ම තමයි.

හැබැයි පුතෝ . . .  පුන්චිම පුන්චි වෙනසක් නැතුවම නෙමෙයි කියලත් මට හිතෙනවා.

නෑ . . නෑ . .  බොරු පල් කතා ඕන නෑ.

මම කෙලින්ම කතාවට බහින්නම්කො.

මෙන්න මෙච්චරයි සරල කතාව . . . . . ,

මේ බ්ලොග් එකට මම දෙගොල්ලකට ආරාධනා කරනවා.

     පලමු ආරාධිත පිරිස : ජීවිතය ජයගත්තු උදවිය.
     දෙවන ආරාධිත පිරිස : ජීවිතය ජයගන්න ආස උදවිය.


ඊට පස්සෙ කියන්න තියෙන්නෙ මේ විදියට ආරධනා කරපු කොටස් දෙකෙන් එකකට හරි අයිති වෙන එකම එක පුද්ගලයෙක් හරි ආවොත් . . .??? කියන ප්‍රශ්නෙට උත්තර හොයන එකයි. ( වැඩේ කියන්නෙ කිසිම කෙනෙක් එයිද නැද්ද කියන එකයි )

කොහොමින් කොහොම හරි වැරදිලා හරි කවුරු හරි ආවොත් එයාට කරන්න කියලත් දෙයක් තියෙන්න එපැයි නේද ? 

හෝ . . . හෝ . . . පොඩ්ඩක් ඉන්න බලන්න . . . ඔයා මේ දැන් . . .  මම ලියපු එක කියවනව නේද ? ? එහෙනම් ඉතින් දැන් කරන්න දෙයක් නෑ, ඔයත් ඔන්න දැන් අර මම කලින් කිය කියා හිටපු වැරදිලා හරි මෙතෙන්ට එන අයගෙ ගොඩට තමයි අයිති වෙන්නෙ.

කතාව පටන් ගත්තු තරම් සරල නෑ වගෙ නේද ? සමාව ! 

එහෙනම් මෙච්චරයි.

ඔයා අයිති වෙන්නෙ ,

     පලමු පිරිසට නම් : ඔයා මේ ජීවිතේ ලස්සන කරගත්තු ඒ අහින්සක කතාව මීට පහලින් ලියල යන්නකෝ . . 

     දෙවන පිරිසට නම් : ඔයාගෙ ජීවිතේ ඔයා මවන ඔය අහින්සක හීන පොදියෙන් එකක් ගැන ඔයාට හිතෙන ඕනම දෙයක් මීට පහලින් ලියල යන්නකෝ . .


ඔන්න ඔච්චරයි ප්‍රධාන කතාව.


පුන්චි දෙයකුත් කියලම යන්නද ? ඔයාල දන්න විහිලු කතා , රස කතා , පන්ඩිත කතා , ආදර කතා . . .ආදී ඕනම අහින්සක කතාවක් ලියල යන්නත් ඔයාලට පුලුවන්. . . ( මට බැනල ලිව්වත් කමක් නෑ )

ඒ අහින්සක කතාවකින් ඔයාලගෙ ජීවිතේට පුන්චි හරි සැනසීමක් වත් දැනෙනව නම් ඒ හොදටෝම ඇති.

එහෙනම් මම මාරු වුනා . . . ඉදිරි වැඩ කටයුතු ටික ඔයාලට භාරයි .

සින්හලෙන් ලියනව නම් . . මෙතනට ගිහින් බලන්නකෝ . . singlish

ඔයාට තෙරුවන් සරණයි.

අර මම කියපු සාර්තකත්වයට යන්න මේ මගෙන් ඔයාලට පුන්චි තෑග්ගක් . .ඩෙස්ක්ටොප් එකට දාගත්ත නම් හැමදාම වැඩ කරන්න හිතෙයි.